Gossips

සේනා මර්දනයට පෙරමෝන් උගුලක්

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා පෙරමෝන් උගුල නමින් නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාශය සඳහන් කළේ මෙම දළඹුවා මර්දනය කිරීම සඳහා ග්‍රීසිය, අප්‍රිකානු රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදය දැනට මෙම උගුල භාවිත කරන බවයි.
ආකාර දෙකකින් යුක්ත එම උගුලේ අභ්‍යන්තරයේ රඳවන පෙරමෝන් රසායනිකය වෙත සේනා දළඹුවාගේ පරිනත අවස්ථාව වන සළඹයින්ගේ පිරිමි සතුන් ආකර්ශනය වනවා.
පසුව රඳවනයේ පවතින ජල අසුරණයට වැටීමෙන් සළඹයන් විනාශවීම සිදුවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.
අක්කරයක බිම් ප්‍රමාණයකට මෙවැනි උගුල් හතරක් හෝ පහක් ප්‍රමාණවත් වන අතර, පෙරමෝන් රසායනිකය සති දෙකකට වරක් යෙදීමෙන් සළඹයින් මර්දනය කිරීම මගින් සේනා දළඹුවා ව්‍යාප්තිය පාලනය වන බව සඳහන්.