මෙරට බඩ ඉරිඟු වගාවට බරපතල තර්ජන එල්ල කර තිබෙන සේනා නැමැති දළඹු විශේෂය මර්දනය කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වනවා.
ඊට අදාළ පරීක්ෂණ අද ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ වගාබිම් ආශ්‍රිතව සිදුකෙරුණු බව සඳහන්.
ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබුනහොත් සේනා දළඹුවන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන කෘමිනාශක ඉසීම සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
