Gossips

සේනා මධ්‍යම පළාතටත්

අනුරාධපුරය, කුරුණෑගල, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල වගාවන් විනාශ කරන සේනා දළඹුවා මධ්‍යම පළාතටද මේ වන විට ව්‍යාප්ත වී තිබෙනවා.
මාතලේ, විල්ගමුව, නාවුල, නුවරඑළිය, වලපනේ, මහනුවර – දොළුව යන ප්‍රදේශවල බඩඉරිගු වගාවලට මෙම දළඹුවා වැඩි වශයෙන් හානි සිදු කර ඇති බවයි මධ්‍යම පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂිකා කුසුම් සෙනෙවිරත්න සඳහන් කළේ.
එමෙන්ම ලබන 8 වනදා දක්වා මෙම සේනා දළඹුවා මර්දනය කිරීමේ සතියක්ද මධ්‍යම පළාත තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊට අදාළ ගොවීන් දැනුම්වත් කිරීම සඳහා අත්පත්‍රිකා සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමද සිදුකරන බවයි පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂිකා කුසුම් සෙනෙවිරත්න සඳහන් කළේ.