Gossips

සේනා මඬින්න, විපක්ෂය, හදිසි තත්ත්වයක් ඉල්ලයි

සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු ආහාරයට ගැනීමෙන් දිගුකාලීන සෞඛ්‍ය ගැටළු මතුවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවනවා.
එම සංගමය සඳහන් කළේ සේනා දළඹු ආක්‍රමණයට ලක්වූ බඩ ඉරිඟු ආහාර සඳහා අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එම බඩ ඉරිඟු සොයා දැනටමත් දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
මේ අතර, සේනා දළඹුවන් සහ දළඹු කීටයන් සහිත බඩ ඉරිඟු තොගයක් අලෙවි කිරීමට සූදානම් කර තිබියදී රත්නපුර – බලංගොඩ සති පොළෙන් අද (13) සොයාගෙන තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළම සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු තොග දිවයිනේ ප්‍රදේශ කිහිපයක තිබී සොයා ගනු ලැබුවා.
කෙසේ වෙතත්, හිටපු කෘෂිකර්ම අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මාතර – කිරින්ද ප්‍රදේශයේ අද (13) පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ සේනා දළඹුවා මැඬලීම සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
සේනා දළඹු විශේෂය මැඬලීමට වත්මන් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බව ද ඔහු කියා සිටියා.