Gossips

සේනා මඩින ඇමරිකානු වෛරසය දිවයිනට

සේනා දළඹුවන් මර්ධනය සදහා භාවිත කිරීමට යෝජනා වූ ඇමරිකානු වෛරසය, මේ වනවිට දිවයිනට ගෙනවිත් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඊයේ ගෙන්වන ලද මෙම වෛරසයේ අත්හදා බැලිම සාර්ථක වුවහොත් කඩිනමින් සේනා දළඹුවා මර්ධනය කිරිමේ කටයුතු සදහා යොදා ගන්න බවයි උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස්.වැලිගමගේ කියා සිටියේ.
මෙම වෛරසය දිලීරයක් ලෙසින් සේනා දළඹුවා මර්ධනය කිරිමට යොදා ගනු ලබනවා.
එසේම දැනටමත් දිස්ත්‍රික් මට්ටමින් සේනා දළඹුවා මර්ධනය කිරිමේ අත්හදාබැලීම් ක්‍රියාත්මකයි.
ඒ අනුව මාතලේ දිස්ත්‍රීක්කයේ පලිබෝධක පාලන ක්‍රම හා විවිධ විලෝපිකයින් උපයෝගි කර ගනිමින් සේනා දළඹුවන් මර්දනය කිරිම සදහා ආරම්භ කළ වැඩසටහන්වල ප්‍රගතියක් දක්නට ලැබෙනව බවයි දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.පී.කේ.දොඩන්වල හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මේ අතර හලාවත – මාරවිල ප්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රදේශයේ සත්ව ගොවිපළක ආනයනික බඩ ඉරිගු වල තිබී හමුවු සේනා දළඹුවාට සමානකම් ඇති දළඹු විශේෂයේ සාම්පල පරීක්ෂාව සඳහා රැගෙන ආ බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සේනා දළඹුවන් මර්දනය කිරිම පිළිබඳව ආපදා කළමණාකරන අමාත්‍යාංශයේ අදත් සාකච්ඡාවක් පැවති අතර, එහිදී දළඹුවන් මර්දනයට නැනෝ තාක්ෂණය යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව තාක්ෂණ විශේෂඥයන් කරුණු පැහැදිළි කර තිබෙනවා.
එසේම ඉදිරි දින කිහිපය තුළදී ත්‍රිවිධ හමුදාව,පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සහභාගිත්වයෙන් විශේෂ ඒකකයක් සකස් කර මෙම උවදුර පාලනය කිරිම සදහා කටයුතු කරන බවයි රාජ්‍ය පරිපාලන හා අපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මෙහිදි සඳහන් කර ඇත්තේ.