Gossips

සේනා, බඩඉරිඟු අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂය දක්වා පහත හෙළයි

සේනා දළඹු උවදුර හේතුවෙන් මෙවර මහ කන්නයේ බඩඉරිඟු අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂය දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පසුගිය දෙසැම්බරයේදී එම ඉලක්කය වූයේ මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 40,675ක්.
ඒ, මෙටි‍්‍රක් ටොන් 8,000ක් පමණ සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වී ඇති බව අනුමාන කරමින්.
එහෙත් මේ වනවිට හෙක්ටයාර 40,000 ක පමණ බඩඉරිඟු වගාවට සේනා දළඹු උවදුර බලපා තිබෙනවා.
මහ කන්නයේ හෙක්ටයාර 70,700 ක පමණ බඩඉරිඟු වගා කෙරුණු අතර, මුළු අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂය නොඉක්මවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
2017 – 2018 මහ කන්නයේදී මෙරට බඩඉරිඟු අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ හැත්තෑ හතර දහස් 399 ක්.
සේනා දළඹු උවදුර මේ වනවිට බොහෝ දුරට පාලනය කර ඇති අතර, බඩඉරිඟු වගාවන් ප්‍රකෘතිමත් කරමින් පවතින බව සඳහන්.