යල කන්නයේ වගා කටයුතුවලට සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අද (10) පැවති ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමේදී අවදානය යොමු වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
ගන්නෝරුව – ජාතික කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයේ පැවති මෙම රැස්වීමේදී සේනා දළඹු උවදුර හේතුවෙන් බඩ ඉරිඟු වගාවට සිදුවූ හානිය පිළිබදව ද විශේෂ අවදානයක් යොමු වූ බවයි එහි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග කියා සිටියේ.
