Gossips

සේනා පාලනයට ක්ෂුද්‍රජීවින් සොයා පරීක්ෂණ

දේශීය භෝග වගා කිහිපයකට දැඩි ලෙස හානි කරමින් ප්‍රදේශ ගණනාවක පැතිර යන සේනා දළඹු උවදුර පාලනය කිරීමට ක්ෂුද්‍ර ජීවින් යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පර්යේෂණ ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව මෙම දළඹුවන් විනාශ කරන විවිධ ක්ෂුද්‍ර ජීවින් බෝ කර නිදහස් කිරීම මෙමගින් සිදුවනු ඇති.
මේ අතර, මෙම දළඹුවා පාලනය කිරීම සඳහා මේ වන විට විවිධ උපක්‍රම සොයාගෙන ඇති බව ද උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස්. වැලිගමගේ සඳහන් කළා.
සේනා දළඹු විශේෂයෙන් වැඩි බලපෑම් එල්ල කර ඇත්තේ බඩ ඉරිඟු වගාවටයි.
එම නිසා බඩ ඉරිඟු වගා කරනු ලබන ගොවීන් මෙන්ම බඩ ඉරිඟු අලෙවි කරන පුද්ගලයින් ද පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.