Gossips

සේනා නිසා කෘෂිකර්ම ව්‍යප්ති සේවා නිලධාරීන්ගේ නිවාඩුත් අවලංගු වෙයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළුම ව්‍යාප්ති සේවා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් කියා සිටියේ සේනා දළඹු උවදුරත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම සේනා දළඹු උවදුර පවතින ප්‍රදේශවලට විශ්වවිද්‍යාලවල කෘෂි පීඨවල සිසුන් යොමු කිරීමට ද කටයුතු කරන බව ඔහු සඳහන් කළා.