Gossips

සේනා දුටු තැන මර්දනය කරන්න – කෘෂි විද්‍යාඥයින්ගෙන් ඉල්ලීමක්

අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්වලින් මතු වූ සේනා දළඹු උවදුර මේ වන විට දිස්ත්‍රික්ක රැසක වගා බිම්වලට ව්‍යාප්ත වී තිබෙනවා.
එම දළඹු විශේෂය බඩ ඉරිඟු වගාවන්වලට හානි සිදුකර ඇති අතර එය අනෙකුත් කෘෂි වගාවන්වලට ද පැතිර යන බවටයි වාර්තා වන්නේ.
හෙක්ටයාර 81,000කට වැඩි ප්‍රමාණයක් වගා කර ඇති බඩ ඉරිඟු වගාවෙන් හෙක්ටයාර 48,000කට ආසන්න ප්‍රමාණයක් සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශයට පත්වී තිබෙනවා.
මේ නිසා ඉදිරියේදී බඩ ඉරිඟු ආනයනය කිරීමට ද සිදුවිය හැකි බවටයි කෘෂි ක්ෂේත්‍රවල විද්වතුන් ප්‍රකාශ කරන්නේ.
රුහුණු කෘෂි විද්‍යා පීඨයේ භෝග විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය ඉන්දික පලිහක්කාර හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සේනා දළඹුවා දුටු තැන මර්දනය කළ යුතු බවයි.