Gossips

සේනා දළඹු විශේෂය මර්දනයට කෘමිනාශක සහනාධාරයක්

වී ඇතුළු බෝග රැසකට හානි කරන සේනා නැමැති දළඹු විශේෂය මර්දනය සඳහා කෘමිනාශක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත්තේ වගාවන්ට හානි කරන මෙම දළඹු විශේෂය මර්දනය කිරිම සදහා කඩිනමින් පියවර ගත යුතු බවයි.
ඒ අනුව මෙම දළඹු විශේෂය මර්දනය සදහා යොදා ගනු ලබන කෘමිනාශක සදහා සියයට 50 තාවකාලික සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.
මේ සදහා කෘමිනාශක වර්ග 4 ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති අතර, ඒවා මිළදී ගැනීම සදහා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටියේ.