Gossips

සේනා දළඹුවා නුවරඑළියටත්

සේනා දළඹුවා නුවරඑළිය දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත වී තිබෙනවා. හැටන් – රුවන්පුර ගම්මානයේ එළවළු වගා භූමියක තිබූ බඩ ඉරිඟු වගාවක දී මෙලෙස සේනා දළඹුවා හමුවූ බවයි ගොවීන් පවසන්නේ.
දිවයිනේ දිස්ත්‍රික්ක රැසක බඩ ඉරිඟු සහ උක් වගාවන්ට සේනා දළඹුවා හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණා.
එහෙත් යාපනය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට පමණක් මෙම දළඹුවා ව්‍යාප්ත වී නොමැති බවයි මීට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සේනා දළඹුවා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.