Gossips

සේනා දළඹුවා කළ විනාශයට, බඩ ඉරිඟු ගොවීන් වන්දි ඉල්ලයි

සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වූ බඩ ඉරිඟු වගාව සඳහා කඩිනමින් වන්දි ලබාදෙන ලෙසට ගොවීන් රජයෙන් ඉල්ලීමක් කරනවා.
මෙම දළඹු විශේෂය හේතුවෙන් බඩ ඉරිඟු වගාව හෙක්ටයාර 50,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ.
දැනට මෙම සේනා දළඹු විශේෂය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වී ඇති අතර, බඩ ඉරිඟු වගාවට අමතරව අනෙකුත් කෘෂිභෝග සඳහා ද එය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා.
දිනකට බඩ ඉරිඟු කරල් 300ක් අලෙවි කළ නමුත් පාරිභෝගිකයින් බඩ ඉරිඟු මිලට නොගෙනීම නිසා එය 50 දක්වා අඩු වී ඇති බවට ගොවීන් ප්‍රකාශ කළා.
බඩ ඉරිඟු නිෂ්පාදනය අවම වුවහොත් එය ත්‍රිපෝෂ සහ අනෙකුත් නිෂ්පාදනවලට ද බලපෑ හැකි බවට කෘෂි විද්‍යාඥයින් මත පළ කරනවා.
ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය මීට පෙර සඳහන් කළේ සේනා දළඹු සහිත බඩ ඉරිඟු ආහාරයට ගැනීමෙන් වළකින ලෙසටයි.
කෙසේ වෙතත්, හානි වූ වගාවන් සඳහා අක්කරයකට රුපියල් 25,000ක අවම මුදලක් වන්දියක් ලෙස ලබාදෙන ලෙසටයි බඩ ඉරිඟු ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, සේනා දළඹු ආක්‍රමණයට විසඳුම් ඉල්ලා අනුරාධපුර ප්‍රදේශයේ බඩ ඉරිඟු ගොවීන් ඊයේ දිනයේදී දේව කන්නලව්වක ද නිරත වුණා.