Gossips

සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු තොගයක් බලංගොඩින්

‘සේනා’ දළඹුවන් සහ දළඹු කීටයන් සහිත බඩ ඉරිඟු තොගයක් අලෙවි කිරීමට සූදානම් කර තිබියදී රත්නපුර – බලංගොඩ සති පොළෙන් අද සොයාගෙන තිබෙනවා.
බලංගොඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීමෙන් අදාළ බඩ ඉරිඟු තොගය සොයාගෙන ඇති අතර, එහිදී එම වෙළඳසැලේ හිමිකරුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති බව සඳහන්.
අදාළ බඩ ඉරිඟු තොගය වහාම පුළුස්සා විනාශ කරන ලෙසට ද උපදෙස් ලබාදුන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
සති පොළේ අලෙවි කිරීමට තිබූ අනෙකුත් කෘෂි නිෂ්පාදන ද පරීක්ෂාවකට ලක් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණා.
බලන්ගොඩ – රෝහණ වසන්ත