සේනා දළඹු උවදුරේ බලපෑම් එල්ල වූ වගාවන්ට වන්දි ලබාදීම සඳහා තක්සේරු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් චන්ද්රරත්න පල්ලේගම පවසනවා.
සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන පත්කළ කාර්ය සාධන බලකායේ කටයුතු ද මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ඇඹිලිපිටිය පදලංගල ජුලංකැටිය ප්රදේශයේ කෙසෙල් වගාවට ද සේනා දළඹු උවදුර පැතිර ඇති බව ගොවීන් සඳහන් කළා.
ඔවුන් පෙන්වා දෙන්නේ කෙසෙල් වගාව ආශ්රිතව ඇති වෙනත් බෝග වලට ද සේනා දළඹුවා හානි කර ඇති බවයි.
හිරු ප්රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් විමසීමක් කළා.
එහි අධ්යක්ෂිකා ආචාර්ය ශිරෝමා එදිරිසිංහ කියා සිටියේ මෙතෙක් කෙසෙල් වගාවන්ට සේනා දළඹුවාගේ බලපෑම් එල්ල වී නොමැති බවයි.