Gossips

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ වෘත්තීය සමිති නායකයෙකුට ප්‍රහාරයක්

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ වෘත්තීය සමිති නායකයෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
සීනි කර්මාන්තශාලාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව එහි වෘත්තීය සමිතියක් වූ ප්‍රගතිශීලී සේවක සංගමය අද (18) මධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, ඊට සහභාගිවීම සඳහා නිවසේ සිට පැමිණෙමින් සිටියදී එම සංගමයේ සභාපති ලලිත් ශ්‍රීපාල් මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව සඳහන්.
සෙවනගල – තුන්කමගල විහාරස්ථානය අසළ දී කිසියම් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති අතර, ඉන් තුවාල ලැබූ සභාපතිවරයා සෙවනගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.