මීට මාස 3කට පමණ පෙර සෙවනගල – ප්රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය යතුරුපැදිකරුවෙකුට ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයෙන් රුපියල් 88,000ක දඩයක් නියම කර තිබෙනවා.
කිරිඉබ්බන්ආර – ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකුටයි මෙලෙස දඩ නියම වී ඇත්තේ.
අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණ ද ඔහු අධිකරණය මඟ හරිමින් සිට ඇති අතර පසුව ඊයේ දිනයේදී පොලීසිය විසින් සැකකරු සහ යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී අනාවරණ වී තිබුණේ සැකකරු විසින් යතුරුපැදියේ අංක තහඩු ද වෙනස් කර ඇති බවයි.
ඔහුට එරෙහිව වැරදි 9කට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර ඒ අනුවයි මෙම තරුණයාට රුපියල් 88,000ක දඩයක් නියම කර ඇත්තේ.