Gossips

සෙවනගල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඒ සඳහා යොදාගත් තියුණු ආයුධයද සමඟින් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
31 හැවිරිදි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම ඝාතන ඉඩම් ආරවුලක් මත සිදුකර ඇති බවයි.
ඊයේ අලූයම සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේ වගා ඉඩමක තිබූ වාඩියක නිදාසිටි අවුරුදු 39 සහ 54 යන වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණා.