Gossips

සෙවනගලදී දෙදෙනෙකු ඝාතනය කෙරේ

සෙවනගල – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
අද අලූයම ප්‍රදේශයේ වගා ඉඩමක සකස් කර තිබූ වාඩියක නිදාගෙන සිටි මොවුන් දෙදෙනා මෙලෙස ඝාතනය කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 39 සහ 54 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.
ඔවුන්ගේ සිරුරුවල තියුණු ආයුධයකින් සිදුකළ විශාල කැපුම් තුවාල සංඛ්‍යාවක් තිබූ බවයි සෙවනගල පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
ඝාතනයට හේතුව සහ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිරුරු මේ වනවිට ඇඹිලිපිටිය රෝහලට රැගෙනවිත් තිබෙනවා.