Gossips

සෙවණගල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඒ සඳහා යොදාගත් තියුණු ආයුධයද සමඟින් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම ඝාතන ඉඩම් ආරවුලක් මත සිදුකර ඇති බවයි. 31 හැවිරිදි එම සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුගේ පියාගේ ඉඩම් ඝාතනයට ලක්වූ පුද්ගලයින් භුක්ති විඳීම නිසා කෝපයට පත්වූ ඔහු මෙම ඝාතන සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඊයේ අලූයම සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේ වගා ඉඩමක තිබූ වාඩියක නිදාගෙන සිටි අවුරුදු 39 සහ 54 යන වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණා.
ඔවුන්ගේ සිරුරුවල තියුණු ආයුධයකින් සිදුකළ විශාල කැපුම් තුවාල සංඛ්‍යාවක් තිබූ බවයි සෙවනගල පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.