Gossips

සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු මුහුදට බිලි වෙයි

කිරින්ද වෙරළ තිරයේදී සෙල්ෆි ඡායාරුප ගැනීමට ගිය තරුණයෙකු මුහුදු රළට හසු වී අතුරුදහන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ මාතර, මුලටියන ප්‍රදේශයේ 32 හැවිරිදි තරුණයක්.
කතරගම ප්‍රදේශයේ වන්දනා චාරිකාවට සහභාගී වී නැවත නිවෙස් කරා යමින් සිටි පිරිසක් අතර සිටි අයෙකුයි ඊයේ (09) සවස මෙම අනතුරට ලක්ව ඇත්තේ.
නාවික හමුදාවේ වෙරාළක්ෂක කණ්ඩායම් අතුරුදහන් වූ තරුණයාගේ සිරුර සොයා මේ වන විටත් මෙහෙයුම් කටයුතු සිදු කරන බව අප වාර්තාකරු සඳහන් කළේ.