Gossips

සෙනසුරාදා පෙරවරු අටේ සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා පෙරවරු අටේ සිට ඉරිදා අළුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලට මෙහිදී ජල සැපයුම අත්හිටුවෙන බවයි.
මීට අමතරව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටද මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මකයි.
එසේම රත්මලාන සහ සොයිසාපුර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා.