Gossips

සෙනසුරාදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.
ඒ අනුව අනිද්දා (19) පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ කියන්නෑම් මංසන්ධිය දක්වා මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
එබැවින් එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් අදාළ කාලය තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම්දෙන්නේ.