Gossips

සූරියවැව – හම්බන්තොට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් (ඡායාරූප)

සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවූවන් පිරිසක් මේ වනවිට එම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා.
විරෝධතාවට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ තමන්ට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබාදීමට බලධාරින් කටයුතු කර නොමැති බවයි.
සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවැත්වෙන මෙම විරෝධතාවය හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන තදබදයක් ද හට ගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

(ඡායාරූප – නුවන් ජයසේකර )