Gossips

සූරියවැව නගරයෙන් කොටු කළ ලැඟුම්හලේ ජාවාරම

සූරියවැව නගරයේ ලැඟුම්හලක් තුළ සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා ගණිකා සේවයේ යෙදී සිටි සහෝදරියන් දෙදෙනෙක් සහ තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සූරියවැව පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණු සෙසු පිරිස අතර අදාල ලැඟුම් හල පවත්වාගෙන ගිය පුද්ගලයා සහ ගණිකා සේවය ලබාගැනීමට පැමිණ සිටි තරුණයින් පස්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු තරුණියන් දෙදෙනා වයස අවුරුදු 18 සහ 20 හැවිරිදි වියේ පසුවන්නියන් වන අතර ලැඟුම්හල පවත්වාගෙන ගිය පුද්ගලයා විසින් ඔවුන් දෙදෙනා රැගෙනවිත් ප්‍රදේශයේ තරුණයන් සදහා රුපියල් 1200ක මුදලකට අලෙවිකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඊයේ (14) දින රාත්‍රියේ පොලිසියට ලද ඔත්තුවකට අනුව හදිසියේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතයව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.