සුරියවැව – මහජනපොලේ කෙසෙල් මිල සීඝ්‍ර ලෙස පහත වැටීම නිසා ඒවා අලෙවි කර ගැනිමට නොහැකිව කෙසෙල් ගොවීන් අපහසුතා රැසකට මුහුණ දී සිටින බව වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.
රුපියල් 60ක් පැවති ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 20කටත්, රුපියල් 100ත් 110ත් අතර පැවති පුවාලු කෙසෙල් කිලෝවක් රුපියල් 60ත්, 80ත් දක්වා අඩු වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
