Gossips

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු 2019 වර්ණවත් වන්නේ මෙහෙමයි

හිරුත් එක්ක තුන්සිංහලයේ අවරුදු ශ්‍රි ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය හෙවත් ”සිංහල හින්දු නව අවුරුදු උදාව” මෙවරත් හිරු ටී.වී අප උත්සවශ්‍රීයෙන් සමරන්නට නිර්මාණශීලි සැළසුම්පත් සකස්කර තිබෙනවා.
මෙවරත් මහා සංස්කෘතික මංගල්‍ය සැමරීම සඳහා හිරුත් එක්ක තුන්සිංහලයේ තේමාව පෙර දැරිව සජීවී සහ පටිගත කර විකාශය කරනු ලබන වැඩසටහන් රැසක් අන්තර්ගත වනවා.
විශේෂයෙන්ම නව අවූරුදු උදාවෙන් ඇරඹෙන සජීවී අවරුදු සැමරුම් වැඩසටහන සියනෑ පුර සිට සියයකට අධික ජනකාන්ත සිහින තරු පිරිවරා අලුත් අවුරුදු සතුට උතුරන චාරිත්‍රානුකුල ටෙලිවිෂන් වැඩ ඇල්ලීම ” හිරුත් එක්ක තුන්සිංහලයේ අවුරුදු ” ලෙසින්ද සන්ධ්‍යාවේ පැවැත්වෙන ” හිරු අවුරුදු කුමරා කුමරිය” තේරීම මෙන්ම හිරු සංගීත චාරිත්‍රය ” හිරු අවුරුදු සාජ්ජය’’ ලෙසින්ද ප්‍රධාන තේමාව හා සමගාමීව නිර්මාණාත්මක වැඩසටහන් ලෙස ප්‍රාසාංගිකව ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටිනවා.
” හිරුත් එක්ක තුන්සිංහලයේ අවුරුදු ” සජීවී වැඩසටහන අප්‍රේල් 14 වනදා දහවල් 12.00 ට රුඟුම් ,ගැයුම්,ජනකෙළි පිරි හිරුමංගල්‍යය සරසන ප්‍රාසාංගික ටෙලිවිෂන් චාරිත්‍රාවලිය සිදුකරනු ලබනවා.
ටෙලිවිෂන් මණ්ඩපයට හිරු අවුරුදු කුමර – කුමරියන් වඩින ශ්‍රි සුභ නැකත අප්‍රේල් 14 වනදා රාත්‍රි 07.30ට පැවැත්වෙනවා.
එමෙන්ම ” හිරු අවුරුදු සාජ්ජය’’ ජනකාන්ත මියැසි තරු පිරිවරා ගී මාල බඳින අලුත් අවුරුද්දේ 14 වනදා සවස 5.00 ට චාරිත්‍රානූකුලව ටෙලිවිෂන්වැඩ ඇල්ලීමේ සංගීත චාරිත්‍රය සියනෑ පුර සිට සජීවීව පැවැත්වීමටද නියමිතයි.
මෙවර Copy Chat විශේෂ අවුරුදු වැඩසටහන ජනකාන්ත තරු පිරිවරාගෙන 14 වනදා රාත්‍රී 10.30ට පැවැත්වීමටද හිරු පිරිවර කටයුතු සූදානම් කර තිබෙනවා.
තවද ''හිරු සිගිති අවුරුදු කුමරා කුමරිය 2019 අප්‍රේල් 13 වනදා රාත්‍රී 7.30 ට සහ "තරු සිගිති අවුරුදු කුමරා කුමරිය 2019" අප්‍රේල් 13 වනදා සවස 5.30 ට පැවැත්වෙනවා.
එමෙන්ම ජන සෙල්ලම් පුරවාගෙන අලුත්වන අලුත් අවුරුද්දට අලුත්ම ටෙලිවිෂන් අත්දැකීමක් ලෙස තරු රස සාදය 13 වෙනිදා රාත්‍රී 9.00 ට පැවැත්වෙනවා.
”හිරුත් එක්ක තුන්සිංහලයේ අවුරුදු” සජිවී ප්‍රාසාංගික නව අවුරුදු සැමරුම නැටුම්, ගැයුම්, වැයුම් සහ ජනක්‍රීඩා සමගින් ඉතා විචිත්‍ර ලෙස ප්‍රවීන ජනප්‍රිය 100කට අධික නළු නිළියන් රැසක සහභාගීත්වයෙන් ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
බක්මහ වසන්තයේ මේ හිරු අවුරුදු සිරිතයි……
මෙම විශේෂ නව අවුරුදු සැමරුමට සමගාමීව පුර්ව ප්‍රචාරක පටයන් පහතින්…
සුර්ය සිංහලේ – හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු


හිරු අවුරුදු සාජ්ජේ | අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුදු දා සවස 5.00 ට

"හිරු අවුරුදු කුමරා කුමරිය 2019" අප්‍රේල් 14 වනදා රාත්‍රී 7.30 ට

''හිරු සිගිති අවුරුදු කුමරා කුමරිය 2019'' අප්‍රේල් 13 වනදා රාත්‍රී 7.30 ට

"තරු සිගිති අවුරුදු කුමරා කුමරිය 2019" අප්‍රේල් 13 වනදා සවස 5.30 ට

Copy Chat විශේෂ අවුරුදු වැඩසටහන ජනකාන්ත තරු පිරිවරාගෙන 14 වනදා රාත්‍රී 10.30ට

තරු රස සාදය | 13 වෙනිදා රාත්‍රී 9.00 ට