Gossips

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සැමරුමත් ඇරඹේ

කවදත් නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්දටත් නවමු අත්දැකීමක් ඔබ සැමට තිළිණ කිරීමේ කටයුත්ත, මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.
ඒ, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ වැඩසටහන සමඟින්.
හිරු අවුරුදු කුමරා සහ කුමරිය අභිසෙස් ගැන්වීම ඊයේ රාත්‍රියේ සිදුවුණා.
සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන අද අලූයම 06 ට ආරම්භ වුණා.
වෙන්නප්පුව – ඇවෙන්රා ගංඟාරා හෝටල් පරිශ්‍රයේ සිට ගෙන එන එම විශේෂ අවුරුදු වැඩසටහන සිදුකෙරෙන්නේ හෙළ සිරිතට මුල්තැන දෙමින්.
බක්මහ දීගේ, එයා දැන් ලොකු ළමයෙක් සහ චංචල රේඛා යන සිනමා පට ආශ්‍රයෙන් ගොඩනැගුණු මෙවර වැඩසටහනේදී අවුරුදු චාරිත්‍ර සියල්ල සුබ මොහොතින් ඔබ වෙත ගෙන ඒමටත් හිරු සූදානම්. ඒ, දැනුම සහ වින්දනය එකසේ ලබාදෙමින්.
නැටුම් ගැයුම් වැයුම්වලින් වර්ණවත් වන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහනට ප්‍රවීණ සහ ජනප්‍රිය ප්‍රතිභා පූර්ණ රංගන ශීල්පීන් සහ ශිල්පිනියන් මෙන්ම නර්තන ශිල්පීන් සියයකට අධික පිරිසක් මෙවරත් හිරුත් සමඟ අත්වැල් බැඳ ගන්නවා.
මෙවර වැඩසටහනේ නර්තන නිර්මාණය සිදුකරනු ලබන්නේ ජනප්‍රිය නර්ථන ශිල්පීන් දෙපළක් වන ගයාන් ශ්‍රීමාල් සහ අසංග ද සිල්වායි.
තවත් වැඩසටහන් ගණනාවකින් සමන්විත සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන අවසන් වන්නේ හිරු අවුරුදු සාජ්ජේ ගීතමය අත්දැකීම සමඟින්.