ශ්රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති හිරු ටී.වී., සිංහල දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුවහසක් ප්රේක්ෂකයින් වෙත ගෙන ආ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සජීවි වැඩසටහන අද ක්රියාත්මක වුණේ හෙළ සිරිතට ද මුල් තැන දෙමින්.
ඊට සියයකට අධික ප්රවීන හා ජනප්රිය කලා ශිල්පීන් එක්වූ අතර, වැඩසටහන පැවැත්වුණේ ගම්පහ – සියනෑ කෝරළයේ – වතුරගම ප්රදේශයේ පිහිටි පෞරාණික වටිනාකමක් උසුලන රමණීය භූමි භාගයක සිටයි.
සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන අද දහවල් 12 ට පමණ ආරම්භ වුණා.
ප්රාසාංගික අවස්ථා රැසක් ද මෙවර වැඩසටහනේදී ප්රේක්ෂකයන්ට ඉදිරිපත් කෙරුණු අතර, අවුරුදු චාරිත්ර සියල්ල සුබ මොහොතින් අප රැගෙන ආවේ දැනුම සහ වින්දනය ද එකසේ ලබාදෙමින්.
නැටුම්, ගැයුම්, රැගුම් වලින් පරිපූර්ණ වූ වැඩසටහන අවුරුදු චාරිත්රවල වැදගත්කම ඉස්මතු කරමින් පැවති සංවාද මණ්ඩප වලින් ද තවත් අරුත්බර වුණා.
සාම්ප්රදායික රාමුවෙන් ඔබ්බට ගොස් කවදත් නව සංකල්ප ප්රේක්ෂකයන්ට හඳුන්වාදෙන හිරු ටී.වී. සමඟ මෙම අත්දැකීම විඳගැනීමට ප්රවීන හා ජනප්රිය ප්රතිභා පූර්ණ කලා ශිල්පීන් රැසක් එක්වුණා.
වැඩසටහන අතරතුර නැකැත් චාරිත්ර අකුරට ඉෂ්ඨ කිරීමටත් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු නිෂ්පාදන කණ්ඩායම අමතක කළේ නැහැ.
කලාශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති ජන ක්රීඩා සඳහා ද හිමිවුණේ අතිවිශාල ප්රතිචාරයක්.
වැඩසටහන් ගණනාවකින් සමන්විත වූ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහනෙන් පසු හිරු අවුරුදු සාජ්ජේ ගීතමය අත්දැකීම ප්රේක්ෂකයාට විඳ ගැනීමට අවස්ථාව උදා වුණා.
එමෙන්ම, සියලූදෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ටෙලිවිෂන් මණ්ඩපයට අවුරුදු කුමර කුමරියන් සම්ප්රාප්තවීමේ හිරු අවුරුදු කුමාර සහ කුමරිය තේරීම ද රාත්රී7.30 ට උත්කර්ශවත් අන්දමින් සිදුකිරීමට නියමිතයි.