Gossips

‘‘සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු’’ ඇරඹේ

අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශ කතාවේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන්, තිලිණ කරන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ වැඩසටහන මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙවර සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන හෙළ සිරිතට මුල්තැන දෙමින් පැවැත්වෙන්නේ සියනෑ – කෝරලේ, වතුරගම ප්‍රදේශයේ පිහිටි පෞරාණික වටිනාකමක් උසුලන රමණීය භූමි භාගයක සිටයි.
ඉපැරණි ජන සෙල්ලම් මූලික කරගනිමින් ඇරඹෙන මෙවර වැඩසටහනේදී සුබ මොහොතින් සිදුවන සියලූ අවුරුදු චාරිත්‍ර ඔබ සමඟ ඉටු කිරීමටත් අප සැදී පැහැදී සිටිනවා.
අද දහවල් 12 ට නැටුම් ගැයුම් වැයුම්වලින් වර්ණවත් වන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන ඇරඹුණු අතර, ප්‍රවීණ සහ ජනප්‍රිය ප්‍රතිභා පූර්ණ රංගන ශීල්පීන් සහ ශිල්පිනියන් මෙන්ම නර්තන ශිල්පීන් සියයකට අධික පිරිසක් ඊට එක්ව සිටිනවා.
මෙවර හිරුත් එක්ක තුන් සිංහලේ අවුරුදු වැඩසටහන විචිත්‍රාංග රැසකින් වර්ණවත් වනවා.
ජනකාන්ත මියැසි තරු පිරිවරා පැවැත්වෙන චාරිත්‍රානුකූලව ටෙලිවිෂන් වැඩ ඇල්ලීමේ සංගීත චාරිත්‍රය, ‘‘හිරු අවුරුදු සාජ්ජය’’ මෙන්ම, සියලූදෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ටෙලිවිෂන් මණ්ඩපයට අවුරුදු කුමර කුමරියන් සම්ප්‍රාප්තවීමේ හිරු අවුරුදු කුමරා සහ කුමරිය තේරීමද, වැඩසටහන අතරතුර පස්වරුවේ උත්කර්ශවත් අයුරින් සිදුකිරීමට සියලූ කටයුතු සූදානම්.