Gossips

සූර්ය පැනල ව්‍යාපෘතියකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක්

මෙරට අඩු ආදායම්ලාභී පවුල්වලට සිය නිවෙස්වල වහලයේ සූර්ය බලශක්ති පැනල සවි කර ගැනීමේ ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් සැපයීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව, මේ යටතේ පාසල්, රෝහල් සහ රජයේ ආයතනවල සූර්ය පැනල සවි කිරීමට ද කටයුතු කෙරෙනු ඇති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවට සහභාගි වීමෙන් පසු මෙම තීරණයට එළඹුනු බවයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.