කළුතර මොරෙන්තුඩුව ප්‍රදේශයේ සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි එකම පවුලේ කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (06) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බවයි පොලිසිය පැවසුවේ.
කලක පටන් සිදුකර ඇති මෙම සූදූ පොළ වැටලීමේදී රුපියල් ලක්ෂයක මුදලක් ද සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරෙන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
(ඡායාරූප – කළුතර තරිඳු)
