Gossips

සූදු පොළකදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් අයෙක් මරුට, පොලීසියේ 5කට තුවාල (ඡායාරූප)

ඌරගස්මංහන්දිය – කලුවල ප්‍රදේශයේ සූදු පොළකදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (13) රාත්‍රි 9.50 ට පමණ ඌරගස්මංහන්දිය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සූදුපොළ වටලා ඇති බව සඳහන්.
එම අවස්ථාවේ 100 කට අධික පිරිසක් සූදු ක්‍රීඩාවේ නිරතව සිට ඇති බවයි වාර්තාවන්නේ.
එහිදී පොලිස් නිලධාරීන් සහ එම ස්ථානයේ සිටි පුද්ගලයන් අතර පොර බැදීමක් සිදුව තිබෙනවා.
පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධවලින්ද පහරදී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
එම අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙකු අත තිබූ රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක වී තිබෙනවා.
එහිදී එක් අයෙකු මියගොස් ඇති අතර, ඔහු රුවන්පුර මාවත – කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.
මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 05 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඡායාරූප – අම්බලන්ගොඩ, අනුරාධ