Gossips

සූදු ක්‍රීඩා කළ මව සහ දියණිය ඇතුළු පස්දෙනෙක් පොලිස් දැලේ

එකම බූරුව පිටියක බූරුව ගසමින් සිටි මව සහ දියණිය ඇතුළු පස්දෙනෙකු ගාල්ල, සීනිගම, අයිව ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසනවා.
මව සහ දුව සමඟ තවත් කාන්තාවක් හා පිරිමින් දෙදෙනකු ද මෙහි සිටි බවයි පොලිසිය පවසන්නේ.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම සූදුපොළ වටලා තිබෙනවා.
සැකකරුවන් පොලිස් ඇප මත මුදා හරිය බවත් නීති විරෝරෝධී සූදු කෙලියේ යෙදුනු බවට චෝදනාව යටතේ මේ සැකකරුවන්ට විරුද්ධව ඉදිරි දිනයකදී බළපිටිය අධිකරණයේ නඩුවක් ගොනු කරන බව පොලිසිය පවසනවා.