Gossips

සූදු ක්‍රීඩාවේ යෙදුණු මහජන නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු 8ක් අත්අඩංගුවට

පුත්තලම – නවගත්තේගම – වෙලේවැව – වැලිඅගාරේ ප්‍රදේශයේ මුදලට සූදු ක්‍රීඩාවේ යෙදුණු සැකකරුවන් 8 දෙනෙකු පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, නවගත්තේගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.
ඔවුන් නිවසක් තුළ අදාළ සූදු ක්‍රීඩාව පවත්වාගෙන ගොස් ඇති අතර, පොලීසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.