Gossips

සූදු ක්‍රීඩාවේ නිරත වූ දස දෙනෙකු ආනමඩුවේදී අල්ලයි

මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ සැකකරුවන් 10 දෙනෙකු ආනමඩුව – කට්ටකටුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආනමඩුව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් සතුව තිබූ රුපියල් 44,700ක මුදලක් ද තම භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුන්දලම, ආරච්චිකට්ටුව, ආඩිගම, නොරොච්චෝලේ සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.