Gossips

සූදානම ගැන මැතිව්ස් කියයි

දකුණු අප්‍රිකාව සමග හෙට දඹුල්ලේදී ආරම්භ වන එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හොද සූදානමකින් පසුවන බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරඟයකදී දකුණු අප්‍රිකාව පරාජය කළේ 2014 වසරේදීයි.
දඹුල්ල ක්‍රීඩාංගනයේ අවසන් වරට සහභාගි වූ එක්දින තරග 10 න් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 ක් පමණක් ජයගෙන තිබෙනවා.