Gossips

සූකර උණෙන් ඉන්දියාවේ 226 දෙනෙකු මරුට

ඉන්දියාවේ මාස 02ක කාලයකදී සූකර උණ වැළඳීමෙන් පුද්ගලයින් 226 දෙනෙකු මියගොස් තිබෙනවා.
වසරේ පෙබරවාරි මස 3 වනදා දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වන අතර එච් – වන්. එන් – වන් වෛරසය වැලඳුනු පුද්ගලයින් 6701 ක් ද අදාල කාලය තුල වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රාජස්ථාන් ප්‍රාන්තයේ පමණක් රෝගීන් 507 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
2018 වසරේ සූකර උණ වැලඳුණු පුද්ගලයින් 798 ක් වාර්තාවී තිබු අතර ඉන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් තිබුණා.