Gossips

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන ණය පොලී අනුපාතිකය පහළට

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන ණය පොලී අනුපාතිකය සියයට 2 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එසේම තැන්පතු පොලී අනුපාතික සඳහා සීමා පැනවීමට ද තීරණය කර ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.