Gossips

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුළත් ඩිජිටල් දත්ත පද්ධතියක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුළත් ඩිජිටල් දත්ත පද්ධතියක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ස්ථාපිත කර තිබෙනවා.
දිවයින පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාගැනීම සහ ඔවුන්ගේ ව්‍යාපාර පහසුව උදෙසා මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කර ඇති බවයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතරින් ලක්ෂ එකහමාරක පමණ පිරිසක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමඟ ඍජුව කටයුතු කරන අතර, මෙම දත්ත පද්ධතිය සිංගප්පූරු සමාගමක් විසින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වෙත නොමිලේ සකස් කරදී තිබෙනවා.