Gossips

සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

දිවයින පුරා පිහිටි සුළු වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.
ඒ මහවිලච්චිය – නබඩගස්දිගිලිය වැව අසලින්.
මෙහි පළමු අදියර ලෙස මහවිලච්චිය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වැව් 17 ක් ප්‍රතිසංස්කරණය සඳහා තෝරා ගෙන තිබෙනවා.
වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ සිදුකෙරෙන මෙහි කටයුතු සියල්ලම සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායයි.