Gossips

සුළු ලාභෙ බලාගෙන, මගී ජීවිත අනතුරේ හෙළා භූමි තෙල්වලින් දුවන බස්

සුළු ලාභෙ බලාගෙන, මගී ජීවිත අනතුරේ හෙළා භූමි තෙල්වලින් දුවන බස්
හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ ආණමඩුව සිට නවගත්තතේගම දක්වා ගමන් ගන්නා බහුතරයක් බස් රථ ඩීසල්වලින් ධාවනය නොකොට භූමිතෙල් යොදා ධාවනය කරනා බවයි.
භූමිතෙල් ප්‍රසිද්ධියේ බස් රථයේ ඉන්ධන ටැංකිය වෙත යොමු කළ හොත් ඊට ජනතා අවධානය යොමු වන හෙයින් බස් රථ සේවකයින් ඊට කදිම උපායක් ක්‍රියාත්මක කරනවා.
බස් රථය තුලට රැගෙන එන භූමිතෙල් පිරවූ කෑන් බස් රථයේ අසුන් මත තබා ඊට බටයක් යොමු කරමින් මෙලෙස ඉන්ධන ටැංකිය කරා යොමු කරනවා.