Gossips

සුළි සුළඟකින් අයගම නිවාස 18කට හානි

අයගම – උඩුගල – උතුර ප්‍රදේශයේ ඊයේ ඇති වූ සුළි සුළං තත්ත්වයකින් නිවාස 18කට හානි සිදුව තිබෙනවා.
ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් හේතුවෙන් මෙම සුළි සුළං හටගෙන ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, තාලකාලික තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.