Gossips

සුළි කුණාටුවකින් ඉතාලියේ ජන ජීවිතය අඩාලයි

ඉතාලියේ ප්‍රදේශ කිිහිපයකට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර් 180ක වේගයෙන් මෙම සුළි කුණාටුව ඉතාලියට කඩා වැදී ඇති බවයි.
මෙම සුළි කුණාටුවත් සමඟ ඇති වූ ජල ගැලීම් නිසා වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ඉතාලියේ වෙනිස් සහ ටෙරෙසින් නගරවලටයි.
එම නගරවල සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, පාසල් සහ සංචාරක මධ්‍යස්ථාන වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.