Gossips

සුළඟ නිශ්චල වීමෙන් දහවල උෂ්ණත්වය ඉහළට

කොළඹට ආසන්න වායුගෝලයේ සුළං නිශ්චලව පැවතීම දහවල් කාලයේදී උෂ්ණත්වය වැඩිවීමට හේතු වී තිබෙනවා.
මේ දිනවල දිවයිනට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 17 කට වියලි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.
මේ අතර, පවතින වියලි කාලගුණයත් සමග ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 5 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 5 කින් ඉහළ ගොස් ඇති අතර, අනුරාධපුර, වව්නියාව, යාපනය, කොළඹ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 2 ත් 4 ත් අතර, ප්‍රමාණයකින් දක්වා ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උෂ්ණත්වයත් සමඟ සුළෙඟ් වේගයද පැයට කිලෝමීටර් 20 ක අගයක පැවතීම සහ සුළං නිශ්චලව තිබීම නිසා දහවල් කාලය උණුසුම් වීම වැඩිවීමට හේතු වී තිබෙනවා.