Gossips

සුළඟේ වේගය ඉහළට

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත්, 65ත් අතර වේගයකින් එම සුළං පැවතිය හැකි බවයි එමගින් සඳහන් කළේ.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණ යන පළාත්වලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.