Gossips

සුළඟේ වේගයත් ඉහළට

දිවයිනට ඊසාන, වයඹ, බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කන්කසන්තුරේ සිට පුත්තලම සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.
මේ අතර, හැමිල්ටන් ඇළ පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අදත් කොළඹ කොටුවේ සිට ලුණුවිල දුම්රිය ස්ථානයට සීමා කර තිබෙනවා.