Gossips

සුළඟින් හානි වූ නිවාස වලට අදම වන්දි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හානි වූ ගල්කිස්ස සහ දෙහිවල නිවාස හිමියන්ට රුපියල් දස දහසක මූලික වන්දි මුදලක් ලබාදීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
සුළඟින් හානි වූ අනෙකුත් ප්‍රදේශවල නිවාස හිමියන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම අද පස්වරුවේ සිදුකිරීමට අපේක්ෂා කරන බවයි විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.