Gossips

සුළගේ වේගය තරමක් ඉහළ යාමේ අවදානමක්

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 50 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දෙන්නේ.