Gossips

සුළගේ වේගය ඉහළ යාමේ අවදානමක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් දකුණු, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මඩකලපුව, අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් වටින් විට ප්‍රහාරාත්මක සුළං ද බලාපොරොත්තු විය හැකි බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන්ම, මීගමුවේ සිට පුත්තලම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි අතර, එමගින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.
මේ නිසා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාව වෙතින් ඉල්ලීමක් කරනවා.